TV බලන ගමන් කෑම කන එක නරකයි කියන්නෙ මොකද?
රූපවාහිනිය බලන ගමන් ආහාර ගන්න එක ආකාර කිහිපයකින්ම අහිතකර වෙන්න පුළුවන්.
පළවෙනියටම ඔයාගේ අවධානය තියෙන්නේ රූපවාහිනියේ නිසා මොළයට බඩ පිරීම ගැන සංඥා හරියට ගමන් කරන්නේ නැහැ. එතකොට ඔයාගේ බඩ පිරිලත් ඔයා ආහාර ගන්න යොමු වෙන්න පුළුවන්.මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම නිසා තරබාරුකම වගේ ගැටලු ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම ආහාරයේ රසය,පාට ගැන අවධානය හරියට නැති නිසා ආහාරයෙන් ලැබෙන නියම තෘප්තිය නොලැබෙන්නත් පුළුවන්.
රූපවාහිනිය බලමින් ආහාර ගැනීමේදී ආහාරය ගැන සම්පූර්ණ අවධානය නැති නිසා ආහාරය හොඳින් හපන්නේ නැතිව ගිලීමට යොමුවෙන්න පුළුවන්.ඒ වගේම,ආහාර ජීර්ණයේදී ක්‍රියාත්මක වෙන්නේ අපේ ප්‍රත්‍යානුවේගී ස්නාය පද්ධතිය.රූපවාහිනියේ තියෙන ත්‍රාසය,කෝපය ,භිතිය දනවන දේවල් නැරඹීමේදී උත්තේජනය වෙන්නේ අපේ අනුවේගී ස්නායු පද්ධතිය.මේ හේතු නිසා අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා ඇතිවෙලා බඩ පිපීම වගේ ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටළු මතුවෙන්න පුළුවන්.
මේ වගේම, එකපාර කාර්යයන් දෙකක් කරන්නට සිදුවීම නිසා අපේ මොළයට මේ දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරිවෙනවා.මේක දීර්ඝ කාලීනව සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට අවධානය පවත්වා ගැනීමේ දුර්වලතා මතුවෙන්නත් පුළුවන්.
මේ හැමදේම හන්දා, ආහාර ගනිද්දී තමන් ආහාර ගන්නවා කියන එකට අවධානයෙන් ආහාර ගැනීම තමා සෞඛ්‍යමත් වෙන්නේ.
සැකසුම :- ගයංගි දෙල්ගොඩ
No comments:
Post a Comment