දවසකට පැය 8කට වඩා නිදාගන්න එක හොඳ නැද්ද?

සාමාන්‍යයෙන් නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුට දවසකට පැය 7- 9ක් අතර කාලයක නින්දක් අවශ්‍ය වෙනවා කියල තමා සඳහන් වෙන්නෙ. මේකෙ මැද අගයක් විදිහට තමා පැය 8ක කාලයක නින්දක් අවශ්‍යයි කියන්නේ.

පැය 9 ඉක්මවලා දිගින් දිගටම අවුරුදු 18ට  වැඩි කෙනෙකුට නින්ද අවශ්‍ය වෙනවා කියන එක නම් හිතකර දෙයක් විදියට වෛද්‍යවරු සලකන්නේ නැහැ. ඒක ආතතිය,පාකින්සන් රෝගය,අධික තරබාරුබව වගේ රෝග රාශියක මූලික ලක්‍ෂණයක් වෙන්න පුළුවන්.

අපි හරියටම ඒක උදාහරණයකින් පැහැදිලි කර ගත්තොත්, අපේ ශරීරය වාහනයක් නම්, නින්ද කියන්නෙ හරියට ඒක අලුත්වැඩියාවට යොමු කරන වෙලාව වගේ.හැම රෑකම නිදාගන්න වෙලාවට අපේ ඇඟ ඇතුලේ එක එක අලුත්වැඩියාවල් සිද්ධ වෙනවා. පටක,අස්ථි, සන්ධි,පේශි,මොළය වගේම DNA ත් අලුත්වැඩියාවට ලක්වෙනවා.ඉතින් වෙලා තියෙන හානිය වැඩියි නම් අලුත් වැඩියාවට ගතවෙන කාලයත් වැඩියි. 

ඉතින් ඒ වගේමයි, දිගුකාලීනව දිගු නින්දක් නිදාගන්න එකෙන් හෘදයාබාධ,දියවැඩියාව වගේ රෝග වැළඳීමේ අවදානමත්  වැඩි කරනවාලු. 

ඉතින් කොහොම බැලුවත්,පැය 8-9කට වඩා අවුරුදු 18කට වැඩි පුද්ගලයෙක් දිගු කාලීනව නිදාගන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ නිසාම එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ගන්න එක තමා සුදුසු. 


මූලාශ්‍ර

https://www.healthline.com/health/sleep/disorders#symptoms

https://www.hopkinsmedicine.org/health/wellness-and-prevention/oversleeping-bad-for-your-health

https://www.sleepfoundation.org/how-sleep-works/oversleeping


No comments:

Post a Comment

 දවසකට පැය 8කට වඩා නිදාගන්න එක හොඳ නැද්ද? සාමාන්‍යයෙන් නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුට දවසකට පැය 7- 9ක් අතර කාලයක නින්දක් අවශ්‍ය වෙනවා කියල තමා ...